බදු අයකිරීමක් සම්බන්ධව කිසිම විරෝධයක් නෑ. නමුත් එයින් දේශීය සිනමාව සහ ටෙලි නාට්‍ය කර්මාන්තය නගා සිටුවීමට යම් සේවාවක් කරනවාම්, නමුත් එහෙම දෙයක් සිද්ධවෙන්නේ නැතැයි චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.
ඒ මහතා මේ පව පවසා සිටියේ පිටරටින් ආනයනය කර හඬ කවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලි නාට්‍ය , චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා අය කරගනු ලබන බද්ද රජය විසින් ඉහල නැංවීම පිළිබඳ mirrorarts කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ
එම ආයතන වලින් බදු අයකිරීම වාරණයක් පමණයි. ඔවුන්ට කීය වුනත් දීල එම චිත්‍රපටි ටෙලිනාට්‍ය ගෙන්වන්න පුලුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කාලෙත් ඔයදේම කළා, නමුත් ඒ දේවල් ගෙන්වීම අඩුවුනේ වත් නැවතුනේවත් නෑ. මගේ ප්‍රශ්ණය මෙය කලාවේ උන්නතිය සඳහා කොහොමද යොදවන්නේ සහ මේ බදු මුදල් කොහෙටද යන්නේ කියන එකයි. යනුවෙනි
මෙම ගාස්තුව සංශෝධනය සිදු කර ඇත්තේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට අදාල සංවිධාන සහ නිර්මාණ කරුවන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව වන අතර මෙරට විකාශය කරන ඇතැම් විදේශ ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකේය සම්ප්රදාය අනන්‍යතාවය හා ආචාර ධර්ම වලට පටහැනි වන අවස්ථා නිරීක්ෂණය වන බැවින් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මෙන්ම කලා ක්ෂේත්රයට ද සිදු වන්න වූ හානි අවම කිරීමට පියවර ගන්නැයි ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණි.