නවලෝක රෝහලේ දී හෘද සැත්කමට බදුන් වූ 70 -80 දශකයේ ජනප්රිය රංගන ශිල්පිණියක හා නිෂ්පාදිකාවක වූ සෝනියා දිසානායක ගේ රෝහල් ගාස්තු ගෙවීමේ අර්බූදයක් පැන නැගුණු බව මිරර් ආර්ට්ස් වෙත වාර්තා විය .සෝනියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය ව බැලීමට පැමිණි මාලිනී ෆොන්සේකා විසින් ජයන්ත ධර්මාදාස මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව අනතුරුව නවලෝක රෝහලේ අධිපති ජයන්ත මහතා විසින් එම බිල ගෙවීමට එකගවූ බව අපි මිරර් ආර්ට්ස් සඳහන් කළේ 15වන දා විනවිට එය එසේ සිදුවූ බව රෝහලේ සෝනියා අසල සිටි ඇගේ හිතවතුන් මිරර් ආර්ට්ස් හා පැවසීමෙන් අනතුරුවය.
එහිදී ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ සෝනියා සමග එකල එක්ව චිත්රපට නිෂ්පාදනය කළ එක්තරා නිෂ්පාදකවරයෙක් ගෙන් ඇයගේ රෝහල් බිල් ගෙවීම සම්බන්ධව විමසූ විට ඔහුට එය කළ නොහැකි බවත් ලක්ෂ 2ක පමණ මුදලක් ලබාදිය හැකි බවත්ය. එම චිත්රපට නිෂ්පාදක තුමා විසින් මේ වනවිට පවසා ඇත්තේ මිරර්ආර්ට්ස් වල ඇති පරිදි එය ජයන්ත ධර්මදාස මහතාගෙන් ඉල්ලා බිල ගෙවන ලෙසයි. මේ වනවිට සිදුවී ඇති මෙම වාතාවරණය පිළිබඳ මාලිනී ෆොන්සේකා ඇතුලු පිරිසි ද කනස්සල්ලට පත්ව ඇති බවද මිරර් ආර්ට්ස් වෙත දැනගන්නට ලැබිණි.
කෙසේවුවත් සෝනියා ගේ දියණිය පසුගිය දින ඔස්ටේරලියාවේ සිට පැමිණිීමෙන් පසු රෝහල් බිල් ගෙවන අර්බූදය සමතයකට පත්ව ඇත. දියණිය විසින් මවගේ සම්පූර්ණ රෝහල් බිල ගෙවා සිය මව රෝහලෙන් නිවස වෙත ගෙන ගොස් ඇත.
නළු නිළියන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිටුවා වසරකට වරක් රිදී රැයක් නමින් වේදිකා ගතවන ප්රසංගයෙන් එකතුවන ලක්ෂ ගණනක මුදලින් නළු නිළියන්ගේ රෝහල් බිල් සහ රක්ෂණ ගාස්තු ගෙව්වත් සෝනියා දිසානායක වෙනුවෙන් රෝහල් බිලක් ගෙවීමට මේ නළු නිළි සංගමයට හැකියාවක් ලැබී නැත. සමහරවිට සෝනියා මේ නළු නිළි සංගමයේ සාමාජිකත්වය නොමැති නැති නිසා වන්නට ද ඇත.
සෝනියා, සුමනා වැනි 70 දශකයේ ජනප්රිය නිළියන් මෙන්ම තවත් නළු නිළියන්ද මෙම රිදී රැයක් ප්රසංගයට දායක කර ගැනීමට එහි සංවිධායක මණ්ඩලයේ යම් යම් අය අකමැති බවත් ඔවුන් මේ අයව ප්රථික්ෂේප කරන බවද මිරර් ආර්ට්ස් වෙත දැනගන්නට ලැබිණි. ලංකාවේ රිදී රැයක් සඳහා නළු නිළියන් දායක කරගැනීම් සිදුවන්නේ මේ වැනි පිල් බෙදීම් හෝ නළු නිළියන් ප්රථික්ෂේප කරමින්නම් ... හදිසියේ මෙවන් රෝගී තත්ත්වයන්ට මුහුන පානා නළු නිළියන්ට මේ ප්රසංගවලින් ලැබෙන පිහිට ගැන අමඅතුවෙන් කිවයුතු නොවේ.
වර්තමාන නළු නිළියන්ට මෙවැනි තත්ත්වයක් මතු දිනක උදා නොවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු . පැරණි පරම්පරාවට වඩා අද පරම්පරාව තම වෘත්තීය පැවැත්ම සහ ජීවන පැවැත්ම පිළිබඳ සිතන්නේ වෙනස් විදිහකටය. මේවා වර්තමාන නළු නිළියන්ට අනාගතයට පාඩම් සේ ගත හැක.