හෙළ බයිලා ගීත කලාවේ පුරෝගාමියා ලෙස සැලකෙන දක්ෂ ගායකයකු මෙන්ම ගිටාර්, වයලින් හා බැන්ජෝ වාදකයකු ද වූ ඔලින්ටන් මර්වින් බැස්ටියන්ස් හෙවත් වොලී බැස්ටියන්ස් ප්‍රථම වරට බයිලා ගායනා ගුවන් විදුලියෙන් ඉදිරිපත් කරමින් ලංකාවේ බයිලා ගායකයා හා වාදකයා ලෙස ප්‍රසිද්ධියට පත්විය.
අයරින් ජොසපින් රොසලින්, නෝනා මගේ නර්ස් නෝනා, යමන් බණ්ඩො වෙසක් බලන්න, හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක, කුස්සි අම්මා සේරා, මුහුදේ යමු මසුන් මරන්න, රටක් වටිනවා මගේ මවුපියෝ දෙන්නා, නොන්ඩි සිමයියා, ලේ කිරි කරලා, මතකයි අම්මේ ඔබේ දරු නැළවිල්ල යන ගීත ඒ අතරින් තවමත් නිරතුරුවම ඇසෙන ගීත කිහිපයකි.
වොලී බැස්ටියන්ස් කලා ක්ෂේත්රය වෙත සිදුකළ ඉමහත් දායකත්වය සමරමින් පැවැත්වෙන Celebrating Wally 'A festive Tribute to the King of Baila' උපහාර ප්‍රසංගය ලබන 25 වැනිදා සවස 7.00 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
කීර්ති පැස්කුවල්, සමන් ද සිල්වා , රොනී ලීච්, බයිලා සැන්ටි, කසුන් පැස්කුවල් , චේතනා රණසිංහ , මරියසෙල් ගුණතිලක , කොරින් අල්මේදා , ජුඩි ද සිල්වා සහ කාන්ති ද සිල්වා යන ගායක ගායිකාවන් සහභාගි වන මෙම ප්‍රසංගයේ නාලක සජී ජයසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන අතර සාරංග දිසාසේකර ඉදිරිපත් කරයි.
වොලී බැස්ටියන්ගේ මී මිණිබිරිය වන චේතනා රණසිංහ සංවිධානය කරන මෙම ප්‍රසංගය පිළිබඳව විස්තර 077 1196664 අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය.