මහත් මතබේදයට තුඩු දුන් “පද්මාවතී” බොලිවුඩ් සිනමාපටය තහනම් කරන ලෙස ඉන්දීය මහාමාත්‍යවරු කිහිපදෙනෙක් සහ හින්දු කණ්ඩායම් කිහිපයක් කළ ඉල්ලීම ඉන්දීය ශ්රේෂ්ටාධිකරණයක් ප්‍රතික්ෂේප කර තිබේ.
එළැඹෙන 1 වැනිදා තිරගත කිරීමට නියමිතව ඇති සිනමාපටය ප්‍රදර්ශනය සඳහා සුදුසු වේද නොවේද යන කරුණ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය විසින් ගත යුතු තීරණයක් බව එහිදී සඳහන් කර ඇත.
පාලක මණ්ඩලයේ තීන්දුව අවසන් තීරණය වනු ඇති බවත් ශ්‍රේෂ්ටාධිකරණය විසින් වැඩිදුරටත් දන්වා තිබේ.
සන්ජේ ලීලා බන්සාලි ගේ අධ්‍යක්ෂණයක් වන “පද්මාවතී” ප්‍රදර්ශනය තහනම් කරන මෙන් කළ ඉල්ලීම් ඉවත දමමින් මසක පමණ සුළු කාලයක් තුල එරට ශ්රේෂ්ටාධිකරණයක් ලබා දුන් තෙවැනි තීන්දුව මෙය බවට එතෙර පුවත් සේවා වාර්තා කරයි.
චිත්‍රපටය මඟින් පද්මාවතී දේවියගේ චරිතයට කැළලක් වන බවත් ඉතිහාසය විකෘති කරන බවත් පවසමින් චිත්‍රපටය තහනම් කරන ලෙස මෙම ඉල්ලීම් කර තිබුණි.
මෙහි පද්මවතිගේ චරිතයට පණ පොවන දීපිකා පදුකෝන්ට මරණ තර්ජන පවා එල්ල වී ඇත.