මේ දිනවල රුපවාහිනීය අරක්ගෙන ඇති කූඹියෝ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය ජෙහාන්, ඒ කියන්නේ තුමිඳු දොඩන්තැන්න මෙම ටෙලිය පිළිබඳ හරි අපුරු දෙයක් මිරර් ආට්ස් වෙත ප්‍රකාශ කර තිබුණා.
“ගේම්කාරයා ගැන ටෙලි නාට්‍යයක් ලියපු අධ්‍යක්ෂකවරයාත් ගේම්කාරයෙක්ම නොවන්නෙම නොවෙයි කියලා මට හිතුනේ පලවෙනි පිටපත මට එවපු විදිහෙන්මයි.
මම කිව්වා ඔයාගේ පිටපත එවන්නත් එපා ලක්මාල් මොකද ඕක කියෙව්වොත් මට ආස හිතෙනවා ඕක කරන්න කියලා. ෆේස්බුක් සමාජ ජල අඩවිය හරහා මට ආව මැසේජ් එකක් ඇතුලේ මුළු පිටු 300 ගණනක විශාල පිටපතක් තිබුණා.
මම දැනගෙන හිටියේ නැහැ කූඹියෝ ටයිට්ල් එක යටතේ තියන වර්ඩ් ඩොකියුමන්ට් එක මොකක්ද කියලා.
නිකමට ඒක ඕපන් කරාම මගේ කම්පියුටර් එකේ මේ පිටු 300 ගැනනම් ඕපන් වෙලා ගියා. පලවෙනි පිටු දෙක තුන කියෙව්වම දැනගත්ත තවදුරටත් මම නිදහස් නැහැ ගේම් එකේ ගොදුරක් බවට පත්වෙලා ඉවරයි කියලා.”
ඔහු ප්‍රකාශ කළ හැමදේම දැනගන්න මේ වීඩියෝ එක බලන්න,