දශක හතරකට වැඩි කලක් ප්රේක්ෂකයාගේ නොමඳ ආදරයට පත් වෙමින් රංගන ක්ෂේත්රය තුල සිය නාමය සනිටුහන් කළ සැනට් දික්කුඹුර රංගන ශිල්පියා මෙතෙක් කලා ලොවට කළ සේවාව අගයමින් විශේෂ උපහාර උළෙලක් පසුගියදා පැවැත්වුණි.
ඊට සමගාමිව ඔහු පිළිබඳව නිර්මාණය වුනු “අහස් ගව්වෙන් මතුවුණ කලාපව්වේ සැනට් සලකුණ” නමැති වාර්තා වැඩසටහන ද අන්තර්ජාලයට එක් කිරීම සිදු විය.
සැනට් දික්කුඹුර වෙනුවෙන් ජිවිත කාලය පුරාවටම විශ්රාම වැටුපක් ලබා දීම ආරම්භ වීම ද එදින සිදු කෙරිණි. ඒ සඳුන් දොලමුල්ල සංකල්පයකට අනුවය.
මෙම කටයුත්ත සංවිධානය කරන ලද්දේ ප්රසාද් සමරතුංග අධ්යක්ෂණය කළ “ඉස්කෝලෙට මං ආවා” සිනමාපටයේ කණ්ඩායම විසිනි.