ජාතික තරුණ සේවා සභාව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධාන කළ තාරුණ්‍යයේ මහා කලා මංගල්‍යය 39 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල පසුගියදා මහරගම යොවුන් රඟහලේදී පැවැත්විණ.
ඒ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ඒ.එස්. කීරගල සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
දිගු නාට්‍ය හා කෙටි නාට්‍ය, නැටුම්, සංගීත, චිත්‍ර, ගද්‍ය පද්‍ය රචනා වෙනස් වූ හැකියාවන් සහිත තරග යනාදී තරග අංශ 105 ක, (සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍ය) සම්මානලාභීන් 150 දෙනකු මෙදින යෞවන සම්මානයෙන් පිදුම් ලැබිය.
දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි ය. ඒ ඔහු විසින්ම නිර්මාණය කළ “සුකර අසපුව” නාට්‍යයේ පාවෙල්ගේ චරිත නිරුපනය වෙනුවෙනි. එම නාට්‍යයේ රස්කයා චරිතය නිරුපනය කළ ඕෂධී ගුණසේකර හා උෂාන් පෙරේරාගේ “මායාබන්ධන” නාට්‍යයේ ප්‍රොක්ටර් මහත්මියගේ චරිතය නිරුපනය කළ මිහිරි ප්‍රියංගනී හොඳම නිලියට හිමි සම්මානය දිනා ගත්තාය.
“පුද්ගලිකයි රහසිගතයි” කෙටි නාට්‍යයයේ හෙලන්ගේ චරිතය නිරුපනය කළ තිලිනි ජයමාලි සහ “ස්වර්ග රාජ්‍ය” නාට්‍යයේ මිනිසාගේ චරිතය නිරුපනය කළ සුදර්ශන ක්‍රිෂාන්ත කෙටි නාට්‍ය අංශයේ හොඳම නිලියට සහ නළුවාට හිමි සම්මානය දිනා ගත්හ.
ටී.අනිල් සිරිවර්ධන
ඡායාරූප- සංජිව සමරරත්න