දෙසැම්බර් 5 වන දා සවස 4ට ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදුකිරීමට නියමිතව තිබූ "පනෙයිමරකාඩු” චිත්රපට ප්රදර්ශනය අත්හිටුවීමට සිදුව ඇතයි වාර්තා වේ.
මෙම හදිසි තීරණයට හේතුවී ඇත්තේ එම චිත්රපටයේ නිෂ්පාදනය හා හිමිකාරිත්වයට අදාළ නීතිමය කරුණු මතු කරමින් යම්කිසි පාර්ශවයක් විසින් එවන ලද ලිපියක් හේතුවෙන් ප්රදර්ශනය අත්හිටවීමට ජාතික චිත්රපට සංස්ථාව තීරණය කිරීමයි.
සිනමා පටයට අදාළ නීතිමය කටයුතු බේරුම් කරගැනීම අදාළ පාර්ශවයන්ට පැවරෙන අතර ඉතා උද්යෝගිමත් ප්රේක්ෂක පිරිසකට මෙම හදිසි තීරණය නිසා අත්විඳීමට වන අපහසුතා සම්බන්ධයෙන් අප බෙහෙවින් කණගාටුවට පත්වන බව සංවිධායකවරුන් දන්වා සිටියි.