ප්‍රවීණ බොලිවුඩ් සිනමා රංගන ශිල්පී ශෂී කපූර් සිය දිවියෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඔහු 79වැනි වියේ පසුවූ ඔහු වසර ගණනාවක් වකුගඩු රෝගයෙන් පිඩා වින්දේය.
ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මුම්බායි නුවර කෝකිලාබෙන් ඩිරුබායි අම්බානි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
සුප්‍රකට කපුර් පරම්පරාවේ පුරුකක් වූ ශෂි කපූර්ගේ අභාවය වෙනුවෙන් එරට ජනපති රාම් කොවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි ශෝක පණිවිඩ නිකුත් කර තිබේ.
1961 දී ධර්ම්පුත්ර චිත්‍රපටයෙන් සිනමා දිවිය ඇරඹූ ශෂී කපූර් 70 හා 80 දශකවල සිනමාපට 116කට පමණ රංගනයෙන් දායක විය.
එසේම සිය විශිෂ්ට රංග පෞරුෂය හේතුවෙන්ම 2011 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබිය.