මෙවර ලෝක රූ රැජන බවට පත්වූ මනූෂි චිල්ලාර් පිළිබඳව මේ දිනවලදී බොහෝ දෙනෙකුගෙ අවධානය යොමුවෙන්න පටන් අරගෙන.
ඒ ඇයගෙ ඡායාරූපයක් සමඟ නිකුත් වූ දිනදර්ශනයක් සමඟයි. Dabboo Ratnani විසින් නිර්මාණය කරන ලද මේ දින දර්ශනය ජනවාරි 17වැනිදා එළිදැක්වූ බව මනූෂි ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.
ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමත් සමඟ ඇයද ඓශ්චර්යා , ලාරා, සුෂ්මිතා මෙන්ම සිනමාවට එකතු වනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කළද එය එසේ සිදු නොවිණි. නමුත් මනූෂි මෙසේ දින දසුනකට පෙනී සිටීමත් සමඟ එසේ වීමට බොහෝ ඉඩකඩ ඇති බව සිනමා විචාරකයෝ පවසති .
කෙසේ වුවද මනූෂි පසුගිය කාලයේ ප්රකාශ කළේ ,ඇයට සිනමාවට එක්වීමට සිතක් නැති බවය. නමුත් යම් අවස්ථාක අමීර් ඛාන් සමඟින් රංගනයට අවස්ථාව ලදොත් එම ආරාධනය සතුටින් බාර ගන්නා බවද ඇය පවසා සිටියාය.
මේ හැමදේමත් එක්ක දිනදසුනකට පෙනී සිටිමින් මනූෂි කියන්නට හදන්නේ බොලිවුඩ් සිනමාවට එක්වීමේ පෙරනිමිත්තක් දෝයි සිනමා විචාරකයෝ පවසති .
දිල්