ආසියානු සාම සිනමා උළලේ (Asia Peace Film Festival) දෙවැනි භාගය සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදුවේ.
සාමය සඳහා සිනමාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම උළෙල පෙබරවාරි 23 වැනිදා සිට 25 වැනිදා දක්වා පකිස්ථාන කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතය.
නිර්මාණකරණයේ යෙදී සිටින නිදහස් ශිල්පින්, සිනමාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට සාමය, සංස්කෘතිය, උරුමය, විවිධත්වය, සම පැවැත්ම, සාමය ගොඩනැගීම යන තේමා ඔස්සේ මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.
කෙටි, වාර්තා සහ ත්‍රිමාණ සජීවිකරණ යන කාණ්ඩ තුන යටතේ පසුගිය වසර 2 තුල නිර්මාණය කළ සිනමාපට මේ උළෙලට යොමු කළ හැකිය.
චිත්‍රපට ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකි අතර ඉංග්‍රීසි උපසිරසි යොදා තිබීම අනිවාර්ය වේ.
අධ්‍යක්ෂකවරයෙක් හෝ නිෂ්පාදන ආයතයක් එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ යුතුය.
නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය 2018 පෙබරවාරි 15 වැනිදා වේ.
සාම සිනමා උළලේ පළමු භාගය පසුගිය සැප්තැම්බර් 18 සිට 20 වැනිදා දක්වා ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වුනි.
වැඩිවිස්තර සඳහා https://asiapeacefilmfestival.com/ පිවිසෙන්න .