වසන්ත දුක්ගන්නාරාල කියන්නෙ ජනප්රිය ගායන තරු බොහොමයකට ගීපද රචනා කළ කෙනෙක්.
ඒත් ඔහුගෙ ගීත වලට මුදල් නොගෙවූ අය වෙනුවෙන් නීතිමය ක්රියාමාර්ග ගන්නට ඔහු කටයුතු කරමින් හිඳින බව දැනගන්නට ලැබේ.
ඒ බැව් ඔහු සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබුණි.
පසුගිය 15වෙනිදා තැබූ මේ සටහනට අනුව පෙබරවාරියේ 15වෙනිදා දක්වා මේ මුදල් ගෙවීමට කාලය ලබා දී ඇති අතර මෙතෙක් ඔහුට නොගෙවා පැහැර හළ මුදල රුපියල් කෝටියකට ආසන්න බවද ඔහු විසින් ප්රකාශ කර ඇත.
ඔහුගේ මුදල් නොගෙවුවද රිගිංටෝන්වලට සහ යූටියුබ් වෙත මේ ගීත ලබාදීමෙන් එකී ගයන තරු මුදල් උපයාගෙන තිබෙන බවද ඔහු පවසයි.
මේ ගනුදෙනු වලදී ඔහුව මගහැර සිටින්නේ ළඟම හිතවතුන් වුවද ඒ මුදල් අයකර ගත යුතුව ඇති බව දුක්ගන්නාරාල පවසයි.
දිල්