චමත්කාර වූ යොවුන් ආදරේ සුන්දරත්වය කැටිකර ගත් සරසවි සිසුවකුගේ ආදර අන්දරය "ආදරෙයි මං" සංගීතාත්මක චිත්‍රපටය මේ වනවිට කොළඹ රීගල් ප්රමුඛ සී.ඊ.එල් සහ රිත්මා මණ්ඩල වලට අයත් සිනමාශාලා හි ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ.
මෙම නිර්මාණය රංගන ශිල්පියකු, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු මෙන්ම තිර රචනා ශිල්පියකු වන ප්‍රගීත් එස්. රත්නායකගේ කුළුඳුල් සිනමා නිර්මාණය යි.
ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් ඒකාලෝක වන "ආදරෙයි මං" සඳහා ඔහු විසින්ම ගීත හයක් ගායනා කිරීම විශේෂත්වයකි.
ප්‍රගීත් රත්නායක, චතුරිකා පීරිස්, රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, චමිලා පීරිස්, බුද්ධික ඉඳුරුගල්ල ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක්ම මේ සඳහා රංගනයෙන් දායක වේ.
ගිහාන් රංග බණ්ඩාර සහාය අධ්‍යක්ෂණය කරන මෙහි කලා අධ්‍යක්ෂණය ජනක චාමර ගෙනි.
සංස්කරණය ප්‍රවීන් ජයරත්න අතින් නිම කර ඇති අතර අංගරචනය නාරද තොටගමුව විසිනි.