වොලී බැස්ටියන් සූරීන් ගේ “සුරංගනීට මාළු ගෙනාවා” නම් ගීතය ජාත්‍යන්තරයට ගෙන යාමේ නියමුවා ලෙස සැලකෙන ඒ. ඊ. මනෝහරන් සිය ජිවිතයෙන් සමුගෙන තිබේ.
ඉන්දියාවේ චෙන්නායි නුවර විසු ඔහු ජිවන ගමන නිම කළේ 22 සඳුදා ය.
මියයන විට මනෝහරන් 73 හැවිරිදි වියේ පසුවිය.
හැත්තෑව දශකයේ ගීත ගායනය ඇරඹු මනෝහරන් එවක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ නිෂ්පාදකයකු ලෙස කටයුතු කළ අතර දෙමළ, සිංහල හා ඉංග්‍රීසි තෙබසින්ම ගීත ගායනයේ යෙදුනේය.
ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (24) දින ඉන්දියාවේදී සිදු කිරීමට නියමිතය.