ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව අළලා ලියවුණු ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතිය ඇසුරෙන් ටෙලිනාට්‍ය මාලාවක් නිපදවීමට සූදානම් බව ඇමරිකාවෙන් වාර්තා වේ.
මෙම කතාව ලියූ මාධ්‍යවේදී මයිකල් වුල්ෆ් මෙහි රූපවාහිනී විකාශන අයිතීන් මිලියන ගණනකට අලෙවි කර ඇති බව හොලිවුඩ් රිපෝටර් වෙබ් අඩවියේ සඳහන් වෙයි.
කෙසේ වුවද ඒ නාලිකාව කුමක්දැයි තවමත් හෙළිදරව්වී නොමැත. නමුත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කෘතියේ කතෘ මයිකල් වුල්ෆ් මෙන්ම චැනල් 4හා BBC හි විධායක නිලධාරියෙකු වූ මයිකල් ජැක්සන් ද එකතුව ඇතැයි විදෙස් වාර්තා මගින් සනාත වේ.
මේ වන විට ලොව වැඩියෙන්ම අලෙවි වන කෘතිය බවට මෙය පත්ව තිබුණද පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවද වාර්තා වේ.
දිල්