වසර 152 කට පසුව සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග්‍රහණයක් එකවර දැකගැනීමේ අවස්ථාව අද දින එනම් නවම් පුර පසළොස්වක පොහෝ දින ලෝක වාසීන්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසා තිබේ.
මීට පෙර මෙවැනි සිදුවීමක් වී ඇත්තේ 1866 වර්ෂයේ ය.
මෙම වසරේ පළමු චන්ද්‍ර ග්රහණයද මෙදින සිදුවීමට නියමිතය.
එහි ආරම්භය මෙරට වේලාවෙන් පස්වරු 4.21ට සිදුවන නිසා අවසන් කොටස පමණක් ශ්‍රී ලංකාවට දර්ශනය වනු ඇත.
පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව පස්වරු 6.22 සිට 7.38 දක්වා දිස්වන අතර රාත්‍රී 9.38ට චන්ද්‍රග්‍රහණය අවසන් වේ.
මෙය නිරීක්ෂණය කිරීමට හොඳම කාලය පස්වරු 6.15 සිට රාත්‍රී 8.41 දක්වා කාලය බව මහාචාර්යවරයා පැවසුවේය.
එය ආසියානු රටවල්, ඕස්ටේ්රලියාව, පැසිෆික් සහ උතුරු ඇමෙරිකාවේ බොහෝ රටවල්වලට දිස්වන බව ද ඔහු සඳහන් කළේය.
නීල චන්ද්‍රයා යන්නෙන් නිල් පැහැ සඳක් යන්න අර්ථවත් නොවන අතර එකම මාසයක දෙවරක් පූර්ණ චන්ද්‍රයා දිස්වීම නීල චන්ද්‍රයා ලෙසින් හඳුන්වනු ලබන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේය.
එසේම මෙම පොහෝ දිනයේදී චන්ද්‍රයා වෙනත් පොහෝ දිනවලදීට වඩා සියයට 14ක් විශාලව සහ සියයට 30ක් දීප්තිමත්ව දර්ශනය වනු ඇත.