ජනප්‍රිය බොලිවුඩ් ගායක සෝනු නිගම් හට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එරට ජාතික ගීය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් මේ සඳහා හේතු වී තිබේ.
සිනමා ශාලා තුල සහ අවන් හල් තුල ජාතික ගීය ගායනය කිරීම නොසුදුසු බව ඔහු මින් පෙර සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව සුපිරි ගායකයා දැනුවත් කර ඇති බවත් ඔහුට මුම්බායි පොලිසිය විසින් විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවත් එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.