ලොව පුරා ජනප්‍රියත්වයට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි මාලාවේ නිමැවුම්කරුවන් මීළඟ ස්ටාර් වෝස් සිනමාපට නිර්මාණය කිරීම සඳහා දායකවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඩේවිඩ් බෙනිඔෆ් සහ DB වෙයිස් 2019 අවසානයේදී එනම්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි මාලාව නිම කිරීමෙන් පසුව ස්ටාර් වෝස් සමඟ එක්වීමට සුදානම්වන්නේ යැයි ලුකස් ෆිල්ම් ඇමරිකානු නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත.
කෙසේ වෙතත්මේ සම්බන්ධයෙන් වැඩි විස්තර මෙතෙක් මාධ්‍ය වෙත ලබා දී නැත.
ස්ටාර් වෝස් චිත්‍රපට පෙලේ අවසානයට පැමිණි සිනමාපටය රයන් ජොන්සන් අධ්‍යක්ෂණයක් වන “ද ලාස්ට් ජෙඩායි” වේ. එය 2017 දී ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණි.