lan englan tam

පුවත්

අකිල සහාය නළු නිලියන් ඉල්ලයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී අකිල සඳකැළුම් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමාපටය සඳහා සහය රංගන ශිල්පින් ශිල්පිනියන් අවශ්‍ය කර තිබෙන බව ඔහු පවසයි.

මෙම නිර්මාණය සඳහා ප්‍රවීන මෙන්ම ජනප්‍රිය නළු නිලියන් රැසක් ද එක් වීමට නියමිතව ඇත.

අකිල සඳකැළුම් ඒ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වූයේය.

“මාර්තු මාසයේදී තමයි මෙහි රූපගත කිරීම කටයුතු ආරම්භ වන්නේ. අකිල ධනුද්දර සහ දිනෙති වල්ගම තමයි මගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ. ඊට අමතරව රන්ජන් රාමනායක, සබීතා පෙරේරා, ධනන්ජි තාරුකා ඇතුල් පිරිසක් මෙහි රංගනයෙන් දායක වනවා. මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කැමති පිරිස් සිටිනවා නම් මගේ 077-1852200 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන චරිතයක් සඳහා වයස අවුරුදු 8 ට අඩු පිරිමි දරුවෙකුත් අවශ්‍ය කරලා තියෙනවා. එහෙම රඟපාන්න හැකියාව තියෙන දරුවෙක් ඉන්නවා නම් මට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්.”

Back to top
Go to bottom

Popular News