ඉන්දියාවේ කැනගී පදනමේ අධ්යක්ෂ ආචාර්ය සී. රාජා මෝහන්ගේ Samudra Manthan: Sino-Indian Rivalry in the Indo-Pacific කෘතියේ සිංහල පරිවර්තනය 'සමුදුර කැලඹුම' නමින් පසුගියදා ජනගත කරන ලදී.
පාත්ෆයින්ඩර් පදනමේ තීරණයකට අනුව මෙරට විද්වත් පාඨකයන්ගේ පරිහරණය උදෙසා මෙම සිංහල පරිවර්තනය සිදු කර ඇත්තේ සුනේත්රා සිරිවර්ධන විසිනි.
කෘතියේ සංස්කරණය සහ උපදේශන දායකත්වය ආචාර්ය සිසිර පින්නවල විසිනි.
එම අවස්ථාව සඳහා ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්දු, කෘතියෙහි කර්තෘ ආචාර්ය සී. රාජා මෝහන් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක ඇතුළු පිරිසක් එක්වී තිබේ.