කසකස්ථානයේ පැවති රූ රැජින තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වූ “මෝස්තර නිරූපන ශිල්පියෙකු” ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ එරට තරගකාරියන් වෙනුවෙන් පමණක් විවෘත වුනු තරගාවලියේ අන්තර්ජාල රූ රැජින ලෙස කිරුළු පැළඳීමට විසි දෙහැවිදිරි ඉලයි ඩයගිලෙෆ් සමත්ව තිබුණි.
නමුත් ඔහු මේ වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ඇරීනා ඇලියේවා යන නමින් කාන්තාවක් ලෙසය.
ඔහු එම තරගයට ඉදිරිපත් කළ ඡායාරූපයට දෙදහසකට අධික පිරිසක් සිය කැමැත්ත පළ කර තිබුණි.
කෙසේ නමුත් තමන් පුරුෂයකු හෙළි කිරීමෙන් අනතුරුව ඔහු ලැබූ ජයග්‍රහණය අවලංගු කර කිරුල නැවත ලබා ගැනීමටත් තරගාවලියේ ජයග්‍රහණය දෙවැනි ස්ථානයට ලබාදීමටත් සංවිධායකයන් කටයුතු කර තිබුණි.