ඇන්ඩෘ ලොයිඩ් වෙබර් සහ ඩේවිඩ් ඉයන් ප්රමුඛ බ්‍රෝඩ් වේ ඒෂියා කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලැබූ “සවුන්ඩ් ඔෆ් මියුසික්” ගීත සංධ්වනිය එළඹෙන 14 වැනිදා සිට 18 වැනිදා දක්වා නෙලුම් පොකුණ රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
ලෝක ප්‍රකට “සවුන්ඩ් ඔෆ් මියුසික්” චිත්‍රපටය මිට දශක ගණනාවකට පෙර නිර්මාණය වුවකි. එහි ගීත ඇසුරු කරගනිමින් නිර්මිත උක්ත සංගීත සංධ්වනිය දකුණු ආසියාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
එසේම මෙම රචනය සඳහා මෙරට ළමා නළු නිලියන් 12 දෙනකුට ද අවස්ථාව හිමි වී තිබීම විශේෂත්වයකි.
දකුණු අප්‍රිකානු නිලි කාර්මෙන් ප්රොටෝරියස් “මරියා” නම් මෙහි ප්‍රධාන පණ පොවන්නිය. කැප්ටන් වොන් ට්‍රැප් ලෙසින් අප හමුවට පැමිණෙන්නේ නිකොලස් මෝඩ් ය.
සංගීතය රිචර්ඩ් රොජර්ස්, පද රචනය ඔස්කාර් හැමර්ස්ටන් විසිනි.
මෙම කටයුත්ත සිනමන් ලයිෆ් සංවිධානයකි.