ප්‍රවීණ සංගීතවේදී ඩී.ආර්. පීරිස් මහතාගේ සොයුරා වූ අසෝක පීරිස් කලාකරුවා දිගුකලක සිට වකුගඩු රෝගයකට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය පෙබරවාරි 11 වනදා දිවියෙන් සමුගත්තේය.
මිය යනවිට 68 වැනි වියේ පසු වූ ඔහු, ගීත දහස් ගණනකට විදුලි ඕගන් වාදනයෙන් දායක වූ ප්රවීණතම වාද්‍ය ශිල්පියෙකු වූ අතර, ගායකයෙකු හා සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කලේය.
අලි පැංචා මගේ මිතුරා, අපි බය නෑ, වියරු ගැහැණියක්, රාගයේ උණුසුම වැනි චිත්‍රපට සඳහා පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් මෙන්ම ගායනයෙන් ද සම්බන්ධ විය.
පුන්සිරි සොයිසා විසින් ගායනා කරනු ලැබූ “මේ බස් නැවතුම” හා “පිංකල ළඳුනේ”, විජිත් ද සිල්වා ගැයූ “ආදර ලෝකය අපගේ” යන ගීතයන්හි තනු නිර්මාණකරුවා වූයේ ද ඔහුය. කලකට පෙර ගුවන් විදුලියෙන් ශ්‍රවණය වූ “සඳා ඩිංග ඩිංග” ඔහුගේ හඩින් ගැයූ ජනප්‍රිය ගීතයකි.
පසුගියදා ඔහුට ආධාර පිණිස රාජු බණ්ඩාර ප්රමුඛ කලා සහෘදයන් එක්ව සංගීත ප්රසංගයක්ද පවත්වන ලදි.
සංගීත ලොවේ කාගෙත් ආදරය දිනා සිටි මේ සොඳුරු කලාකරුවා පෙබරවාරි 13 වන දින සවස් යාමයේදී බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ මිහිදන්ව සැමගෙන් සමුගෙන නික්ම ගියේය.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු