ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනපති බැරක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා ගේ අලේඛ්‍ය සිතුවම් දෙකක් වොෂින්ටන් නුවර පිහිටි ස්මිත්සෝනියන්ස් ජාතික කලාගාරයේදී ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබේ.
සිතුවම් ජනගත කිරීමේ උළෙලට මෙම යුවල ද සහභාගී වී තිබුණි.
කෙහින්ඩ් විලේ චිත්‍ර ශිල්පියා විසින් හිටපු ජනපති ඔබාමාගේ රුව සිත්තම් කර තිබෙන අතර මිෂෙල් ඔබාමාගේ රුව සිතුවමට නගා තිබුනේ ඇමී ෂෙරල්ඩ් විසිනි.
උළෙලේ ආරාධිතයන් අතර හොලිවුඩයේ ප්‍රකට තරු යුගලයක් වන ස්ටීවන් ස්පිල්බර්ග් සහ ටොම් හෑන්ක්ස් දක්නට ලැබීම විශේෂත්වයකි.