'විජය ගී තරුව 2018' අවසාන මහා තරගය හා සම්මාන උලෙළ අද එනම් 22 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත්වීමට නියමිතය.
පස්වරු 5.00 ට ආරම්භ වන මෙම කටයුත්ත සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අභාවප්‍රාප්ත විජය කුමාරතුංගයන්ගේ සොහොයුරිය රූපා කුමාරතුංග සහ කලාකරුවන්, විද්වතුන් රැසක් සහභාගි වනු ඇත.
ඊට සමගාමීව විජය කුමාරතුංග සහෘද කලා සංසදය සංවිධානය කරනු ලබන චිත්‍රපට උලෙළක් ද අද දින සිට 25 දක්වා කඩුවෙල නිව් රේඛා සිනමා ශාලාවේදී පැවැත්වේ.
විජය කුමාරතුංගයන් රංගනයෙන් දායක වූ චිත්‍රපට පස්වරු 2.30 හා පස්වරු 6.30 යන දර්ශන වාර දෙකක් වශයෙන් 22 වැනි දින සිට 25 දින දක්වා ප්‍රදර්ශනය කෙරේ.
22 වන දින ඔබටයි ප්‍රියේ ආදරේ
23 සූරයන් අතර වීරයා
24 අංජානා
25 වරදට දඬුවම