Mr. බීන් ලෙසින් ලොව පුරා ජනාදරයට පත් රෝවන් ඇට්කින්සන් රංගන දායකත්වය ලබා දුන් නවතම හාස්‍ය උත්පාදක සිනමාපටය “ජොනි ඉන්ග්ලිෂ් ස්ට්‍රයික් අගේන්” එළඹෙන ඔක්තෝබරයේ දී තිරගත කිරීමට නියමිතය.
මෙය “ජොනි ඉන්ග්ලිෂ්” චිත්‍රපට මාලාවේ තෙවැන්න ලෙස සැලකේ.
ඩේවිඩ් කේර් ගේ අධ්‍යක්ෂණයක් වන “ජොනි ඉන්ග්ලිෂ් ස්ට්‍රයික් අගේන්” සඳහා ඔල්ගා කුර්ලෙන්කෝ, එමා තොම්සන්, ජේක් ලැසි, බෙන් මිලර්, මිරැන්ඩා හෙන්සි, ඇඩම් ජේම්ස්, සමැන්තා රසල් ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය ලබා දී තිබේ.
බ්‍රිතාන්‍ය ජාතික රහස් පරීක්ෂකයෙක් වටා ගෙතෙන මෙය හාස්‍ය උත්පාදක මෙන්ම ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් සැලකේ.
ජොනි ඉන්ග්ලිෂ් පළමු සිනමාපටය 2003 දී ප්‍රදර්ශනය කළ අතර එහි දෙවැන්න ජොනි ඉන්ග්ලිෂ් රීබෝන් නමින් 2011 දී තිරගත කෙරුණි.