ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර මහතා ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයෙහි නව සභාපතිවරයා ලෙස පත් වී ඇතැයි Mirrorarts වෙත වාර්තා වේ.
මෙම අලුත් තනතුර සම්බන්ධයෙන් විමුක්තිගෙන් කළ වීමසිමකදී ඔහු අප වෙත මෙසේ අදහස් දක්වා සිටියේය.
මුලින්ම මම කියන්න ඕනේ මේක ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතියක් ඇති ජනමාධ්‍ය හා සිනමා ආයතන සමග නව ගමනක ආරම්භයක්.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය , Sri Lanka Media Training Institute (SLMIT) ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති මෙම ආයතනය මගින් ප්‍රංශය සහ ඉන්දියාව ඇතුලු ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතියක් ඇති ජනමාධ්‍ය හා සිනමා ආයතන සමග නව ගිවිසුම් කිහිපයකට එළඹෙමින් ජනමාධ්‍ය හා සිනමාව පිළිබඳව අධ්‍යාපනයක් ලබාදීම සඳහා අලුත් පිවරක් තැබීමට ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පියවර ගිනිමින් සිටිනවා.
ඒ සඳහා නව සභාපතිවරයා ලෙස පත් වූ මා සහ එහි විධායක අධ්‍යක්ෂක නිමල් ඒකනායක යන මහත්වරුන් පියවර රැසක් ගෙන තිබෙනවා.
ඒ අනුව ජනමාධ්‍ය ක්ෂේත්රයේ අතීශයෙන් වැදගත් වන (Investigative journalism) ගවේෂණාත්මක ජනමාධ්‍ය සඳහා ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට පුහුණුවක් ලබාදීම ඇතුලුව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සමාජ ජාලා සහ රූපවාහිනිය සම්බන්ධ කරගත් වැඩමුළු රාශියක් මේ අනුව ඉදිරියේදි පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා ජාත්‍යන්තරයේ පිළිගත් ඉහළ මට්ටමේ ජනමාධ්‍යෙවේදීන්, සිනමාකරුවන් සහ අධ්‍යාපනවේදීන් ඊට ඉදිරියේදී දායකවනු ඇත.