මානසික රෝගී තත්වයකට මුහුණ දෙමින් 17 වසරක් තිස්සේ තමන් ගෙන යන අරගලය පිළිබඳව සුප්‍රකට ගායිකා මරියා කැරේ ප්‍රථම වතාවට හෙළිදරව් කර තිබේ.
මුලින්ම ඇය මෙම රෝගයට ගොදුරු වී ඇත්තේ 2001 වසරේදී බවත් ඒ හේතුවෙන් ඇයට රෝහල් ගත වී ප්‍රතිකාර ගැනීමට සිදු වූ බවත් “ද පීපල්” පුවත්පත වෙත ඇය පවසා ඇත.
සිය ජිවිතයේ අඳුරුම කාල පරිච්ඡේදය අවසන් වූ පසු මෙම මානසික රෝගයට ගොදුරු වූයේ යැයි මරියා පවසන්නීය.
“මට ප්‍රතිකාර ගන්න අවශ්‍ය වුණා, මම ප්‍රතිකාර ලබා ගත්තා. ධනාත්මකව හිතන පුද්ගලයින් මම ආශ්‍රය කළා. ඉන් පසුව මම ආස කළ දේ ඒ කියන්නේ ගීත රචනය කරන්න, සංගීතය නිර්මාණය කරන්න පටන් ගත්තා.”
මේ වනවිටත් තමන් ප්‍රතිකාර ලබමින් සිටින බව මරියා පවසා ඇත.
“මම දැන් ප්‍රතිකාර ලබමින් සිටිනවා. එය ඇත්තෙන්ම සහනයක්. ඉන් මට දැඩි මහන්සියක් හෝ අපහසුතාවයක් දැනෙන්නේ නැහැ.”
ඇමරිකානු ගායිකාවක් වන මරියා කැරේ, ලොව වැඩිම මුදලක් උපයන කලාකරුවන්ගෙන් අයෙකි.