මහාචාර්ය සුසිල් ආරියරත්නයන් ගේ නවතම සිනමාපටය බිම්බා දේවිය හෙවත් යශෝධරා එළඹෙන වෙසක් දින සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා වල තිරගත කිරීමට කටයුතු සුදානම් කොට තිබේ.
මෙහි ප්‍රධාන රංගන දායකත්වය පල්ලවී සුබාෂ් සහ අර්පිත් චෞද්රි විසිනි.
ගීත රචනය, සංවාද රචනය සහ තිර රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි.
කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, සංස්කරණය රුක්මල් නිරෝෂ්, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ.
ගීත ගායනා ආචාර්ය නන්දා මාලිනී, ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය සහ ඉනෝකා අහංගම විසිනි.
චන්දන වික්‍රමසිංහ නර්ථන අධ්‍යක්ෂණයෙන්, බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණයෙන්, මනෝහාරි හේවාවසම් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් යශෝදරා සිනමා නිර්මාණයට දායක වී තිබේ.
තිළිණ හෙට්ටිගමගේ ගේ වස්ත්රාභරණ නිර්මාණයකි. නිෂ්පාදන සම්බන්ධිකරණය ඒ. ඩී. රංජිත් කුමාර සහ නිමල් විජේසිරිගෙනි. කුමුදුනි ඩයස්, චන්ද්‍රා හපුතන්ත්‍රි සහ චාන්දි හපුතන්ත්‍රි සිනමාපටයේ සම නිෂ්පාදකවරුන් ලෙසට කටයුතු කරයි.