රුසියාවේ මොස්කව් නුවර දී පැවැත්වෙන 2018 මොස්කව් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ප්‍රදර්ශනය සඳහා 2016 – 2018 අතර කාලය තුල නිෂ්පාදනය වුණු ශ්‍රී ලාංකේය සිනමාපට 5ක් තෝරා පත් කරගෙන තිබේ.
ඒ අනුව සුමිත්‍රා පිරිස් ගේ වෛෂ්ණාවී අප්‍රේල් 21සහ 25, අශෝක හඳගම ගේ ඇගේ ඇස අග අප්‍රේල් 20 සහ 24 , මාලක දේවප්‍රිය ගේ බහුචිතවාදියා අප්‍රේල් 20 සහ 23, අනුරුද්ධ ජයසිංහ ගේ එක දවසක අපි අප්‍රේල් 24 සහ 25, උපාලි ගම්ලත් ගේ ගුරු ගීතය 21 සහ 25 මොස්කව් උළලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙරට සිනමාව පිළිබඳ සුවිශේෂි අවධානයක් යොමු කරමින් මෙම අවස්ථාව ලබා දී ඇති අතර ඔවුන් මෙම තීරණයට එළඹුණේ ඉකුත් වසරේ ව්ලැඩ්මොස්ටොක් ආසියා - පැසිෆික් සිනමා උළෙලට නෙට්පැක් ජූරියේ සභාපතිවරු වශයෙන් සහභාගි වූ ඈෂ්ලි රත්නවිභූෂණ සහ මොස්කව් සිනමා උළෙලේ අධ්යක්ෂවරයා වූ කිරිල් රස්ලොගොව් අතර පැවැත්වුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙනි.
නෙට්පැක් සංවිධානයේ විධායක අධ්යක්ෂ සහ ජූරි සම්බන්ධීකාරකවරයා වන ඈෂ්ලි රත්නවිභූෂණ විසින් මොස්කව් සිනමා උළෙලේ නෙට්පැක් ජූරියේ සභාපතිවරයා වශයෙන් අශෝක හඳගම පත්කරන ලදී.
40 වැනි වරට සංවිධානය කෙරෙන මොස්කව් සිනමා උළෙල අද (19) දින සිට අප්‍රේල් 26 දක්වා පැවැත්වෙනු ඇත.