කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අප්‍රේල් 21 - 22 - 23 යන දිනයන් හිදී ජපන් එක්ස්පෝ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වේ. සම්මානයට පාත්‍ර වූ ජපන් චිත්‍රපට උලෙළක් හා ජපානයට ආවේණික වූ විවිධ කලා ශිල්ප, සටන් කලාව ඇතුළුව සංස්කෘතික අංගයන් රැසක් එහිදී විඳ ගැනීමට අවස්ථාව උදා වී ඇත. අප්‍රේල් 21 ප. ව. 12.15 ට සම්ප්‍රදායික සමුරායි සටන් ශිල්පය පිළිබඳ නිපද වූ ටොතොකි කන්සුහිදේ අධ්‍යක්ෂණය කළ 'සමුරායි හස්ල් රිටර්න්ස්' චිත්‍රපටය තිරගත වන අතර ප. ව. 6.00 ට මසහාරු අධ්‍යක්ෂණය කළ 'හන්ඩ්‍රඩ් යෙන් ලව්' සිනමාපටය ද තිරගත කරනු ඇත. අප්‍රේල් 22 ප. ව. 12.00 ට නකානෝ රියෝනා අධ්‍යක්ෂණය කළ 'හර් ලව් බොයිල්ස් බාත් වෝටර්' ද ප. ව. 6.00 ට කතබුෂි හැනැවෝගේ 'ඉන් දිස් කෝනර් ඔෆ් ද වර්ල්ඩ්' සජීවිකරණ සිනමාපටය ද තිරගත වන අතර එය සිංහල බසින් හඬ මුසු කර ඇත.
අප්‍රේල් 23 ප. ව. 12.15 සිට ප. ව. 2.15 දක්වා දින දෙක තුළ ප්‍රදර්ශනය කළ චිත්‍රපට අතර හොඳම චිත්‍රපටය වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් සිදු කරනු ලබයි. එහි විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනු ලබන්නේ මහාචාර්ය පැට්රික් රත්නායක, ආචාර්ය රාඝවන්, ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඩී. මහින්දපාල, සිනමාවේදී, විචාර අජිත් ගලප්පත්ති, සිනමාවේදී විමුක්ති ජයසුන්දර, මාධ්‍යවේදී ගුණසිරි සිල්වා සහ නිමල් ඒකනායක ය.
මෙයට සමගාමීව ජපානයේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නවතම අත්දැකීම් ලබා දෙන ඩිජිටල් වීඩියෝ තාක්ෂණ තැටියක් ද 23 වැනි දින පෙ. ව. 10.00 ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී බී පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ජපන් ශ්‍රී ලංකා නිපොන් සංවිධානය සහ නිපොන් ජාත්‍යන්තර සමාගමයි.
නිශ්ශංක විජේරත්න