ප්‍රවීන රංගන ශිල්පින් යුවළක් වන සුජීව ප්‍රියලාල් සහ දුලීකා මාරපන ගේ නවතම චිත්‍රපටය “සුපර්ණා” හි වැඩකටයුතු මේ වනවිට නිම කර ඇති වග දැනගන්නට ලැබුණා.
මෙම නිර්මාණය ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුළුවන් ද යන කරුණ පිළිබඳව දුලීකා දක්වා තිබුණේ මෙවැනි අදහසක්.
“ 'සුපර්ණා' චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වන විට නිමා වෙලා තිබෙනවා. මේ චිත්‍රපටයේ ප්රදර්ශනවාරයක් මාධ්‍යවේදීන්ට වගේම චිත්‍රපටයට දායක වූවන්ට මේ මාසෙ අවසානයේ පවත් වන්නට අපි සැලැසුම් කර තිබෙනවා. මෙය වෙනස්ම ආකාරයකට නිර්මාණය වෙන චිත්‍රපටයක්. මෙය මේ කාලයට උචිතම චිත්‍රපටයක්. මොකද මෙයට තේමා වන්නේ පරිසරය පිළිබඳවයි. මෙය දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම නැරඹිය යුතු චිත්‍රපටයක්.”