සිනමාවේ හෙට දවස වෙනුවෙන් සිනමා ක්ෂේත්රයේ ශිල්පින් ඇගයීම උදෙසා දෙරණ මාධ්‍ය ජලය විසින් සංවිධාන කරනු ලබන සිනමා සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ඒ අනුව එළඹෙන මැයි මාස 19 සහ 20 යන දෙදින මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ චිත්‍රපට ශාලාවන්හි තිරගත වුනු දේශීය සිනමාපට 24ක් 6 වැනි වරට සංවිධාන වන සිනමා සම්මාන උළෙලේ සම්මාන සඳහා තරග වදින බව චිත්‍රපට උළෙල සංවිධාන කමිටුව පවසයි.
විවිධ කාණ්ඩ යටතේ සම්මාන 24ක් ප්‍රධානය කිරීම මෙවරත් සම්මාන උළෙලේදී සිදුවනු ඇත.
සම්මාන උළෙල සඳහා නිර්දේශිත චිත්‍රපට,
- ආලෝකෝ උදපාදි
- රන් සයුර
- ප්‍රේමය නම්
- සුළඟ ගිනි ගනී
- කොට උද එක්ස්ප්‍රස්
- බන්ධනය
- නිලංජනා
- පැණි මකුළුවෝ
- අලි කතාව
- නිනෝ ලයිව්
- නිම්නයක හුදෙකලාව
- හිම තාරකා
- විසි අට (28)
- ධර්ම යුද්ධය
- දෙවැනි වරම
- හීන හොයන සමනල්ලු
- පුංචි අපිත් දැන් බය නෑ
- ස්වරූප
- සෙල්ලන් නැත්තන් ලෙල්ලන්
- දේදුනු ආකාසේ
- අප්පට සිරි
- කාල
- ඩොක්ටර් නවරියන්
- පහ සමත්
cinema.lk පුවතක් ඇසුරින්