රාත්‍රී නිදන ඇඟලුම් සහ අපිරිසිදු බූට් සපත්තු පැළඳගෙන සිනමාශාලා තුලට ඇතුල්වීම තහනම් කිරීමට නවසීලන්ත සිනමාශාලාවක් කටයුතු කර තිබේ.
රාත්‍රී නිදන ඇඳුම් ඇඳගත් සිනමා ලෝලීන්ගේ පැමිණීම පසුගිය මාස කිහිපය පුරා ඉහල යාම නිසා මෙම තීරණය ගත් බවයි හවෙරා චිත්‍රපට ශාලා හිමිකරුවන් පවසන්නේ.
මෙම තහනම පිළිබඳව ඔවුන් නිවේදනය කර තිබුණේ ෆේස් බුක් පණිවිඩයක් ඔස්සේය.
කෙසේ වෙතත් නවසීලන්තයේ උතුරු දිවයිනක පිහිටා ඇති මෙම සිනමාශාලාවේ තීරණය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ උණුසුම් කතාබහක් ඇති වී තිබේ.