දෙවැනි ඉනිමේ ප්‍රධාන භූමිකාවක් රග දක්වන බිමිල් ජයකොඩි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන් ඉවත්වන්නට තීරණය කර ඇති බව මිරර් ආර්ට්ස් මීට පෙර වාර්තා කර තිබුණි.
මේ වනවිට දෙවෙනි ඉනිමේ රවී ප්‍රනාන්දු ක්‍රිකට් පුහුණු කරුවෙකු ලෙස විදෙස් රටක වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා පිටත් කරලීමේ පසුබිම සකසමිනි.
කෙසේ නමුත් රවී ප්‍රනාන්දු චරිතය සම්පුර්ණයෙන්ම ටෙලි නාට්‍යයෙන්ම ඉවත් කිරීම සඳහා රවී ප්‍රනාන්දු පිටපතට අනුව මරා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ඒ සඳහා වන දර්ශන බොරුල්ල කනත්තේ දී රූගත කිරීම් කර අවසන් කර ඇත.
කෙසේවෙතත් බිමල් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන් ඉවත්වන හේතුව ලෙස දැනගන්නට ඇත්තේ මෙම ටෙලි නාට්‍ය කොටස් 2000ක් දක්වා දීර්ඝවීම බවද වැඩිදුරටත් වාර්තා වේ.
සබැඳි පුවත්