සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'බිම්බාදේවි හෙවත් යශෝධරා' චිත්‍රපටයේ 'යශෝධරා' දේවියගේ චරිතයට පණ පොවන පල්ලවී සුභාෂ් අද දින ලංකාවට පැමිණේන බව mirrorarts වෙත වාර්තා වේ.
මේ වනවිටත් ශ්‍රී ලාංකේය රසිකයන්ගේ ආදර නොඅඩුවම දිනා ගෙන සිටින අධිරජ ධර්මාශෝක කතාමාළාවේ අශෝකගේ මව ලෙස රංගනයේ යෙදෙන දේවී ධර්මා හෙවත් සුභාශ් පල්ලවී මේ වනවිටත් ශ්‍රී ලාංකේය රසිකයන්ගේ ආදර නොඅඩුවම දිනා ගෙන සිටින අපූරු රංගන ශිල්පිණියකි.
'බිම්බාදේවි හෙවත් යශෝධරා' චිත්‍රපටයේ මංගල දර්ශනය උත්සවාකාරයෙන් හෙට දින පැවැත්වීමට නියමිත අතර යශෝධරා' සිනමාපටය වෙසක් උලෙළ නිමිත්තෙන් 2018 අප්‍රේල් 26 දා සිට දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
සරසවි සිනේරු වෙනුවෙන් එච්. ඩී ප්‍රේමසිරි නිෂ්පාදනය කරන මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනය කුමුදුනී ඩයස් හපුතන්ත්‍රි, චාන්ද්‍රි හපුතන්ත්රිය.
පල්ලවී සුභාෂ්, ඒ චෞද්රි යන භාරතීය නළු නිළි යුවළ සමඟ දිනෙත් ද සිල්වා, කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිදු දොඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුචී ලක්මාලි සෙසු චරිත සඳහා රංඟනයෙන් දායක වෙයි.
මේ චිත්‍රපටයේ ගේය කාව්‍ය රචනය, සංවාද රචනය, තිර රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. චන්න දේශප්‍රිය, කැමරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංස්කරණය රුක්මල් නිරෝෂ්ගෙනි. විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂවරයාය.
ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ගායනා ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි, ඉනෝකා අහංගම සමග ආචාර්ය විශාරද නන්දා මාලනීගෙනි. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්රමසිහගෙනි. නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තය. නිෂ්පාදන කළමනාකරණය මනෝහාරි හේවාවසම්ගෙනි. ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණය කළ මේ චිත්‍රපටයේ වස්ත්රාභරණ නිර්මාණය තිළිණ හෙට්ටිගමගේ ගෙනි.