මෙරට සිනමාවේ පුරෝගාමීන් සිහිපත් කරමින් ප්‍රවීන සහ ජනප්‍රිය රංගන ශිල්පින්, ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබන “ද ලෙජන්ඩ් ඔෆ් හෙළ සිනමා” ප්‍රසංගය මැයි මස 19 වැනිදා පැවත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.
මෙම විචිත්‍රවත් ප්‍රසංගය මිගමුව ආවේ මරියා ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන, ජීවන් කුමාරතුංග, ටෙනිසන් කුරේ, විණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, පුබුදු චතුරංග, අනුෂා දමයන්ති, උදාරි වර්ණකුලසුරිය සහ තාරුකා වන්නිආරච්චි සහභාගී වනු ඇත.
සිංහල සිනමාවේ ජනප්‍රිය ගීත ඇසුරින් නර්තන නිර්මාණය කරනු ලබන්නේ චන්න විජේවර්ධන විසිනි.
ද ලෙජන්ඩ් ඔෆ් හෙළ සිනමා ප්‍රසංගයේ තවත් අදියර කිහිපයක් මෙරට සහ විදෙස් රටවල පැවැත්වීමට නියමිත ය.