සිනමා සහ කෙටි නාට්‍ය නිර්මාණ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් සිග්නිස් ශ්‍රී ලංකා ආයතනය මගින් සංවිධානය කරන සිග්නිස් උත්තමාචාර සම්මාන උලෙළ 2018 සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
එහි සම්මාන සඳහා සලකා බලනු ලබන්නේ 2017 වසරේ තිරගත වූ චිත්‍රපට සහ 2017 දෙසැම්බර් 31 වනදාට පෙර විකාශය නිමා කළ කොටස් 100 කට නොවැඩි ප්රසාංගික ටෙලි නාට්‍යයන්ය.
ඊට සමගාමීව ජයවිලාල් විලේගොඩ ආධුනික සිනමා විචාර තරගය ද මෙවර පැවත්වීමට නියමිතය.
'ශ්‍රී ලාංක්ය ස්වීය අනන්‍යතාව ජාත්‍යන්තර සිනමා තලයේ කූටප්‍රාප්තිය කරා රැගෙන ගිය තුරුණු සිනමා නිර්මාණකරණයේ භාවිතාව අග්‍රේසර කෘති කියවීමක්' යන මාතෘකාව යටතේ වචන 300 කට සීමා වූ ඔබේ සිනමා විචාරයන් 2018 ජූනි 20 වන දිනට පෙර පහත සඳහන් ලිපිනයට තැපැල් මඟින් හෝ කාර්යාලයට පැමිණ බාරදිය හැකිය.
ඔබගේ සිනමා හා ටෙලි නාට්‍ය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කිරීමට කැමැති නම් ඔබගේ නිර්මාණයේ ඩීවීඩී පිටපතක් 2018 මැයි 20 වන දිනට පෙර සිග්නිස් ශ්‍රී ලංකා කාර්යාලය වෙත බාර දෙන මෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා අයදුම්පත් ද එම කාර්යාලයෙන්ම ලබා ගත හැකිය.
වැඩි විස්තර දුරකථන අංක 0112693425 / 0718069085 ඇමතීමෙන් හෝ කාර්යාලයට (19, බැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08) පැමිණීමෙන් ලබාගත හැකිය.