ජනකරළිය නාට්‍ය කණ්ඩායම විසින් රඟ දක්වන ‘‘තිත්ත කහට’’ සහ ‘‘හිරු නැගෙනතුරු’’ නව නාට්‍ය මැයි මස 10 සහ 11 දෙදින වේදිකා ගත කිරීමට නියමිතය.
නාට්‍ය ද්විත්වය එදින සවස 6.30 ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි රඟහලේදී රංගගත වනු ඇත.
‘‘තිත්ත කහට’’ සහ ‘‘හිරු නැගෙනතුරු’’ නාට්‍ය දෙකම පරාක්‍රම නිරිඇල්ලගේ මූළිකත්වය ඇතිව ජනකරළිය නාට්‍ය කණ්ඩායම විසින් සාමූහිකව කරණ ලද නිර්මාණයන්ය.
රාසයියා ලෝහානන්දන්, සුමුදු මල්ලවආරච්චි, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර්, සරත් බානගල, අරෝෂා තරංගනී, දෙව්රාන් ශී‍්‍ර ලිවේරා, ඉනෝකා ලංකාපුර, රුවිනි ඩිලන්ති, ප්‍රනීත් ජීවන්ත, විජිත් හෙට්ටිගේ, පාලිත අබේලාල්, අමිල දිනේෂ් කුමාර, තිලිණි නිමේෂා සහ මදීරා උදීෂානි යන ජනකරළිය ශිල්පීහු මෙම නාට්‍ය ද්විත්වයට රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වෙති.
“හිරු නැගෙනතුරු” යනු යාපනයේ ජීවත් වන ප්‍රවීණ ශී‍්‍ර ලාංකේය නාට්‍යකරුවෙකු වන ආචාර්ය කුලන්දෙයි එම්.ෂන්මුගලිංගම්ගේ ‘‘එන්තයුම් තායුම්’’ නමැති නාට්‍යයේ සිංහල පරිවර්තනයක් වන අතර ඔහු පිළිබඳව ලියවුණු ලිපි මාලාවක් සහ ‘‘හිරු නැගෙනතුරු’’ යනුවෙන් පරිවර්තනය කරණ ලද ඔහුගේ ‘‘එන්තයුම් තායුම්’’ පිටපත ඇතුළත් සිංහල භාෂාවෙන් මුද්‍රණය කරණ ලද ග්‍රන්ථය නාට්‍යය ප්‍රදර්ශනයට සමගාමිව එළිදැක්වීමට කටයුතු සංවිධාන කර තිබේ.
එම කෘතිය මැයි 11 වැනිදා සවස නාට්‍ය දර්ශනයට ප්‍රථම ජනගත කෙරෙනු ඇත.