ගොඩගේ පොත් මැදුර විසින් සංවිධාන කරනු ලබන ගොඩගේ අත්පිටපත් තරගය සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු කෙර්.
සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන්ම අත්පිටපත් ඉදිරිපත් කළ හැකි අතර ඒවා භාර ගන්නා අවසන් දිනය ජුනි මස 30 වැනිදා ය.
ආධුනික ප්‍රවීණ සැමට තරගය විවෘතව පවතින බව ගොඩගේ පොත් මැදුර ප්‍රකාශ කරයි.
නවකතා අංශයෙන් ජයග්‍රාහී අත්පිටපත් 5 ක් සඳහා රුපියල් ලක්ෂය බැගින් සහ සම්මාන ඵලකය බැගින් හිමිවනු ඇත. ප්රශස්ත මට්ටමේ කෘති කිහිපයක්ද තෝරා ගැනේ.
කෙටිකතා කවි සහ යොවුන් නවකතා නිර්මාණ වෙනුවෙන් රුපියල් 25000 ක මුදල් ත්‍යාගයක් සහ සම්මාන ඵලකයන් පිරි නැමේ.
සම්මානිත අත්පිටපත් සහ ප්රශස්ත මට්ටමේ කෘති සියල්ලම මුද්‍රණය කරනු ලබන අතර ඒ වෙනුවෙන් කතෘ භාගයකට ද හිමිකම ලැබෙනු ඇත.
අත්පිටපත පහත අයුරින් සකස් කර එවන මෙන් ගොඩගේ පොත් මැදුර අයදුම්කරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
A 4 හෝ A 5 ප්‍රමාණයෙන් තනි පැත්තේ පොයින් 12 අභය අකුරින් ඉදිරිපත් කරන්නේ නම් වඩාත් සුදුසුය.
නවකතාව සඳහා අවම වචන 50000 ක් ද කෙටිකතා සහ කාව්‍ය අත්පිටපත් A 5 පිටු 80ක් වත් (A 4 පිටු හතළිහක් පමණ) අයත් විය යුතුය.
වැඩි විස්තර සඳහා දුරකතන අංක - 0114 614904/ 0112 686925