රුසියානු සිනමා සහ රූපවාහිනී චිත්‍රපට උළෙලකට සහභාගී වූ ජාතික රූපවාහිනියේ ටෙලි අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු ඊයේ රාත්‍රී රුසියාවේ දී සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
රුසියාවේ පැවැති ‘ඩිටෙක්ටිව්ෆෙස්ට් 2018‘ සිනමා සහ රූපවාහිනී නිර්මාණ උළෙලේ දී ලෝකයක් පරදා ජය ගත් ඒ විශිෂ්ඨ කලාකරුවන් තිදෙනා නම් අතුල පීරිස්, රංග බණ්ඩාරනායක සහ ශිරාන් රත්නායක මහත්වරුන් වෙති.
අතුල පීරිස් විසින් අධ්‍යක්ෂනය කළ විනාඩි 21 ක ඒකාංගිග ටෙලි නාට්‍යයක් වූ ‘සහෘදයෝ‘ ටෙලි නාට්‍යය ප්‍රථම ස්ථානය දිනුවේ එය ඉදිරිපත් කළ ‘මානුෂිකත්වය පිලිබඳ‘ අංශයෙනි. රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ‘ජීවිතය අහිමි ආදරයක්; ආදරය අහිමි ජීවිතයක්‘ නමැති විනාඩි 54 ක වාර්තා ටෙලි චිත්‍රපටය ඩිප්ලෝමා ජයග්‍රහණයක් දිනුවේ ‘ත්රස්තවාදයට එරෙහි‘ අංශයෙනි. ශිරාන් රත්නායක අධ්‍යක්ෂනය කළ මාර්ග ආරක්ෂාව පිලිබඳ තත්පර 30 ක කෙටි පූරකය ඩිප්ලෝමා ජයග්‍රහණයක් දිනුවේ ‘මාර්ග ආරක්ෂාව‘ පිලිබඳ අංශයෙනි.
මෙම සිනමා සහ ටෙලි නිර්මාණ උළෙලේ දී ස්වාධීනව තරඟ කළ ලංකාවේ තවත් කෘතහස්ත අධ්යක්ෂවරියක් වන අනෝමා රාජකරුනා මහත්මියගේ ‘ආර්ටිකල් 14‘ නමැති කෙටි චිත්‍රපටයට ද සහතික දෙකක්ම හිමි වූයේ වාර්තා අංශයෙනි.
ඒ අනුව ලංකාවට හිමි වූ සියළු සම්මාන ගණන 5 කි.
මේ කලාකරුවන් සිව් දෙනා ලැබූ ජයග්‍රහණ වඩාත් වැදගත් වන්නේ මෙවර රුසියානු උළෙල සඳහා රටවල් 71 ක නිර්මාණ ශිල්පීන් 600 ක් දෙනා නිර්මාණ ඉදිරිපත් කරමින් තරඟ වැදුණු හෙයිනි.
(ජායා සහ මුලාශ්‍රය - ලංකා ඊ නිව්ස්)