2562 වැනි සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද යි.
ඒ වෙනුවෙන් රට පුරා බෞද්ධ සැදැහැවත්හු ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වතාවත්වල නිරත වෙති.
මෙරට සෑම වෙහෙර විහාරස්ථානයකම සම්බුදු තෙමගුල සිහිකරමින් දාන, ශීල, භාවනා ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු වේ.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝධිසත්වයාණන් බුද්ධත්වයට පත්වීම සහ සම්මා සම්බුදු පියාණන්ගේ මහ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල කරුණු අද වැනි උතුම් පොහෝ දිනක සිදු විය.