7 වැනි වරටත් සංවිධාන කරනු ලබන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල(CITF) එළඹෙන මැයි 24 දා සිට 30 වැනිදා දක්වා කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
ප්‍රවීන නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ට උපහාර පුදමින් පැවැත්වෙන මෙවර නාට්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ජර්මනිය, ඉන්දියාව, තුර්කිය, ඉතාලිය, ආජන්ටිනාව,කොසෝවෝ සහ ඔස්ට්‍රියාව යන රටවල් වලින් නාට්‍ය ඉදිරිපත් කෙරේ.
එහිදී දිනපතා රාත්‍රී 7 ට වේදිකා ගත කෙරෙන දෙස්, විදෙස් නාට්‍ය මෙසේය,
ධර්මසිරි බණ්ඩාරනායක ගේ “ට්‍රෝජන් කාන්තාවෝ” මැයි 24 වැනිදා
එම්. සෆීර් ගේ “ස්වින්ග්ස් ඔෆ් ලව්” මැයි 25 වැනිදා (ශ්‍රී ලංකාව/ ඉතාලිය)
ජෝයි මයිස්නාම් ගේ “ද ඩයරි ඔෆ් අ මෑඩ් මෑන්” මැයි 25 වැනිදා (ඉන්දියාව)
එල්මසේ නුරා ගේ “AMOK” මැයි 26 වැනිදා (කොසෝවෝ)
ෆට්මා කෙසෙලි ගේ “මිම්ඩෝස් කෝල්” මැයි 26 වැනිදා (තුර්කිය)
එඩ්. හෝස්වර්ත් ගේ “යූ වෙන්ට් අවේ” මැයි 27 වැනිදා (ඔස්ට්‍රියාව)
රේන්හාඩ් ගොබේ ගේ “ලීවින්ග් සිලර් වැලේ” මැයි 27 වැනිදා (ඔස්ට්‍රියා)
ජුවාන් කෘස් ගේ “මැන්ඩ්රැගෝරා සර්කස්” මැයි 28 වැනිදා (ආර්ජන්ටිනාව)
ම්රිනාල් ජෝති ගේ “එතරොර් ඉරිකා එතෙරියල් ඉපොච්” මැයි 28 වැනිදා (ඉන්දියාව)
නිමාෂා ෆර්නැන්ඩු ගේ “චෙයාර්ස්” මැයි 30 වැනිදා
ලක්මිණි ලක්ෂිකා ගේ “නිලක් බලමු ද” මැයි 30 වැනිදා
ඈන් කත්රිනා ගේ “බර්ඩ්ස් හූ ෆොගොට් හව් ටු ෆ්ලයි” මැයි 30 වැනිදා (ජර්මනි/ ශ්‍රී ලංකා)
නිලංක නාමල් ගේ “පාට” මැයි 30 වැනිදා
කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල ඉන්ටර් ඇක්ට් ආට් සංවිධානයකි.