ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් උදාගම්මානයක් නම් කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්යංශය කටයුතු කර තිබේ.
තිස්සමහාරාම ජූල්පල්ලම ග්රාමයේදී මුල්ගල තැබුණු එම උදාගම්මානය ‘සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම’ ලෙස නම් කර ඇත.
මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඊයේ(29) රාත්රියේ අභාවප්රාප්ත වූ අතර 28 සෙනසුරාදා මෙම උදාගම්මානය සඳහා මුල්ගල් තබා තිබුණි.