බොලිවුඩයේ පමණක් නොව මුළු ලෝකයේම ජනාදරයට පත් ඉන්දීය රංගන ශිල්පිනි දීපිකා පදුකෝන් පසුගිය දිනවලදී පුවත් මවන්නියක් බවට පත්ව තිබුණේ ඇය රඟපෑ “පද්මාවත්” සිනමාපටය හේතුවෙන්.
චිත්රපටය තිරගත කිරීමෙන් පසුව එම උණුසුම්කාරී වාතාවරණය තරමක් පහව ගියත් නැවත වතාවක් ඇය සම්බන්ධ පුවතකට මේ දිනවල තටු ලැබී තිබෙනවා.
ඒ දීපිකා පදුකෝන් ගේ පුරවැසිභාවය පිළිබඳවයි.
ඇය උත්පත්තිය ලබා ඇත්තේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරයි.
ඒ නමුත් දීපිකාට වයස අවුරද්දක් පිරෙනවාත් සමඟ ඇය සිය දෙමාපියන් සමඟ ඉන්දියාවට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, මෑතකදී පළවූ අලුත් ම පුවතකින් වාර්තා වන්නේ ඩෙන්මාර්කයේ උපන් නිසා තවමත් දීපිකා සතුව ඇත්තේ එරටින් නිකුත් කළ ගමන් බලපත්රයක් බවයි.
නමුත් පසු කාලයකදී දීපිකා සිය ගමන් බලපත්රය වෙනස් කර ඉන්දියානු පුරවැසියකු ලෙස එය සකස් කර ගත් බව ඇයගේ සමීපතමයන් පවසනවා.