දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ අවසන් කටයුතු පැවැත්වෙන අද දින(02) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කර තිබේ.
ලෝක පුජිත කලාකරුවෙක් දැයෙන් සමුගන්නා මොහොතේ එතුමන් සිනමා ක්ෂේත්රය වෙනුවෙන් කරන ලද අනුපමේය සේවයට ගෞරව කිරීමක් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ දේහය මේ වනවිට කොළඹ ලෙස්ටර් ජේම්ස් පිරිස් මාවතේ පිහිටි එතුමාගේ නිවසේ තැම්පත් කර තිබෙන අතර අද උදැසන එම නිවසේදී ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 10 ට රථ පෙරහැරකින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසළට ගෙන ඒමට නියමිතය.
ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝපහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත පැමිණෙනු ඇත.
දහවල් 12.00 සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබීමෙන් පසු සවස 3.00ට අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.