ප්‍රවීන ඉන්දීය රංගන ශිල්පී අනිල් කපුර්ගේ දියණිය ජනප්‍රිය රංගන ශිල්පිනි සෝනම් කපුර්ගේ විවාහ මංගල උත්සවය එළඹෙන මැයි 8 වැනිදා පවත්වන බවට නිවේදනය කර තිබේ.
සති ගණනාවක් තිස්සේ පැතිර ගිය කට කතා සත්‍යයක් බවට පත් කරමින් ඇයගේ අත ගන්නා මනාලයා වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආනන්ද් අහුජා ය.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කපුර් සහ අහුජා දෙපාර්ශවයම මේ පුවත තහවුරු කර ඇත.
“කපුර් සහ අහුජා පවුල්, මහත් ප්‍රීතියකින් සහ ආඩම්බරයෙන් සෝනම් සහ ආනන්ද් දෙපළගේ විවාහ උත්සවය පිළිබඳ මෙසේ ප්‍රකාශයට පත් කරනවා. විවාහ උත්සවය මැයි 8 වැනිදා මුම්බායි හිදී පැවැත්වීමට නියමිතයි. මෙය පෞද්ගලික උත්සවයක් නිසා අප පවුල් වල පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් ඉල්ලා සිටිමු. අප ජිවිත වල සුවිශේෂී අවස්ථාවක් සමරන මෙවැනි මොහොතක ඔබ ලබාදුන් සියලු ආශීර්වාදයන්ට සහ ආදරයට බොහොම ස්තුතියි.”