ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට විවිධ අංශවලින් අයවිය යුතු ණය සහ පොලි ප්‍රමාණය දළ වශයෙන් රුපියල් මිලියන 400 ක් පමණ වෙතැයි පැවසේ.
වසර 2011 සැප්තැම්බර් 30 වැනිදා වනවිට ප්‍රදර්ශනය වී අවුරුදු 5ට වඩා වැඩි චිත්‍රපට සඳහා මුදාහළ චිත්‍රපටවලට ණය ගැති ශේෂය (පොළිය සමඟ) රුපියල් මිලියන 24.5 බව ද වාර්තා වේ.
එම ලැයිස්තුව තුල දැනට චිත්‍රපට සංස්ථා අධ්යක්ෂ මණ්ඩලයේ සිටින සනෝජා බිබිලේගේ නම ඇතැයි පැවසේ.
එම ලැයිස්තුවට අනුව ඇයගේ ණය ශේෂය මිලියන 1.7 කි. කෙසේ වුව ද, සනෝජා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට පවසා ඇත්තේ තමා අළුයට ගිනි චිත්‍රපටය සඳහා සංස්ථාව ලබා දුන් රුපියල් 75,000 ක මුදලක් ගත් බවත්, එය ණයක් නොවන අතර එය ඕනෑම වෙලාවක නැවත ගෙවිය හැකි බවයි.
එම ලැයිස්තුවේ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදකයන් කිහිප දෙනෙක් සිටින බව ද මේ අතර වාර්තා වේ.
Sri Lanka Mirror පුවතක් ඇසුරින්