2018 ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළලේ හොඳම නිලියට හිමි සම්මානය නැසීගිය ප්‍රවීන බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවි කපූර් හට හිමිවී තිබේ.
ශ්‍රී දේවි අවසන් වරට රංගන දායකත්වය සැපයු “Mom” සිනමාපටයේ දෙවිකි සබර්වාල් ලෙස ඇය නිරුපණය කළ චරිතය වෙනුවෙන් මෙම සම්මානය ලැබී ඇත.
ප්‍රවීන රංගන ශිල්පිනියගේ ස්වාමිපුරුෂයා වූ බොනී කපූර් සහ ඇගේ දියණියන් දෙදෙනා ජාන්වී සහ කුෂි ඇය වෙනුවෙන් මෙම සම්මානය ලබා ගැනීම සඳහා 3 බ්‍රහස්පතින්දා නව දිල්ලි නුවර විග්යන් භවන් හි පැවැත්වුණු සම්මාන උළෙලට පැමිණ සිටියහ.
“ශ්‍රී දේවි අද හිටියා නම් ගොඩක් සතුටු වෙයි. අපට ඇය නැති අඩුව දැනෙනවා ඒ වගේම මේ අවස්ථාවේ ඇය ගැන ලොකු ආඩම්බරයකුත් දැනෙනවා,” යනුවෙන් උත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ බොනී කපූර් පවසා තිබේ.
බොලිවුඩ් තාරකාවගේ එක් දියණියක් වන ජාන්වී කපූර් සිය මවගේ සාරියකින් සැරසී සම්මාන උළෙල වෙත පැමිණ සිටියාය.
පසුගිය පෙබරවාරියේ ඩුබායි සංචාරයක් අතරතුරදී සිදු වූ හදිසි අනතුරක් නිසා ශ්‍රී දේවි සිය දිවියෙන් සමුගත් අතර ඇයගේ වියෝව සමස්ත ඉන්දීය සිනමා ලෝකයම කැළඹීමට හේතු විය.