ජීවිතයේ එක් වරක් පමණක් පිදුම් ලබන "නර්තනතිලක" සම්මානයෙන් ප්‍රවීණ නර්තනවේදී එස්.පී. කවිසේන සහ ප්‍රවීණ නර්තනවේදීනී වසන්ති කුංචිදපාදම් පිදුම් ලබා තිබේ.
ඔවුන්ට මෙම සම්මාන හිමි වුයේ පසුගියදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු 2018 රාජ්‍ය නර්තන සම්මාන උළෙලේ දී ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සම්මාන උළලේදී නර්තන කලාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් ඇගයීමට ලක් කෙරිණි.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනුෂා ගෝකුල, රාජ්‍ය නර්තන උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රංජිත් ආරියරත්න කළුආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.